සිංහල භාෂාව
ශ්‍රී
ලංකාවේ ප්‍රධාන
ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20
කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති.
සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වනඉන්දු-ආර්ය
භාෂා ගණයට
අයිති වන අතර මාල
දිවයින භාවිත
කරන දිවෙහි
භාෂාව සිංහලයෙන්
පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත්
විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත. සිංහල භාෂාවේ කතාකරන බස සහ ලියන බස තරමක් වෙනස්ය.
සිංහල
පද වර්ග 5කට බෙදේ
·
සන්ධි
දකුණතින්
පහණද වමතින් මල් වට්ටියද ගෙත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියාය.
ඉහත
වාක්‍යයයේ දකුණතින්, වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ ඉහත පද
සෑදී ඇත්තේ
දකුණු
+ අතින් = දකුණතින් වම් + අතින් = වමතින් මල් + අසුන් = මලසුන
ආදී
ලෙස වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගිනි , උච්චාරණයේ
පහසුව පිණිස මෙලෙස පද සන්ධි කිරීම සිදු කරයි.
සන්ධි
ඇතිවීම
ඉහත
ආකාරයට පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.
1.
ස්වර සන්ධිය
2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
4. ගාත්‍රාක්‍ෂර (රඅක්‍ෂ ගාත්‍රා) ලෝප සන්ධිය
5. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
6. ගාත්‍රාදේශ (ආදේශ ගාත්‍රා) සන්ධිය
7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
8. පරරූප (පර රූප) සන්ධිය
9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
10. ආගම සන්ධිය
2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
4. ගාත්‍රාක්‍ෂර (රඅක්‍ෂ ගාත්‍රා) ලෝප සන්ධිය
5. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
6. ගාත්‍රාදේශ (ආදේශ ගාත්‍රා) සන්ධිය
7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
8. පරරූප (පර රූප) සන්ධිය
9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
10. ආගම සන්ධිය
1. ස්වර
සන්ධිය
සන්ධි
වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන්
ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - මලසුන
මල් + අසුන = සන්ධි වන පද දෙක වෙන්කළ විට
ම (ල් + අ) සුන = පද දෙකෙන් එක් පදයක් ඇති ස්වරයත් අනෙක් පදයේ ඇති හල් අකුරත් එකතුවී තනි අකුරක් සෑදීම
ම (ල) සුන = සන්දි වීමෙන් පසුව
මල් + අසුන = සන්ධි වන පද දෙක වෙන්කළ විට
ම (ල් + අ) සුන = පද දෙකෙන් එක් පදයක් ඇති ස්වරයත් අනෙක් පදයේ ඇති හල් අකුරත් එකතුවී තනි අකුරක් සෑදීම
ම (ල) සුන = සන්දි වීමෙන් පසුව
උදා
-
·
ඔවුනොවුන් = ඔවුන් + ඔවුන් → ඔවු (න් + ඔ) වුන් → ඔවු (නො) වුන්
·
උපනුපන් = උපන් + උපන් → උප (න්+උ) පන් → උප (නු) පන්
2. පූර්වස්වර
(පූර්ව ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් දෙවන පදයේ මුල්ස්වරය හෙවත් පර ස්වරය ලොප් වී
දෙවන පදයේ (ඉවත්වී/ හැලිම)
මුල් ස්වරය හා ගැළපෙන සන්ධිය පූර්වස්වර ලෝප
සන්ධි නම් වේ.
උදා - නැණැති
නැණ + ඇති = සන්ධි වන පද දෙක වෙන්කළ විට
නැ (ණ් + අ) + ඇති = පද දෙකෙන් පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති = දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති = සන්දි වීමෙන් පසුව
නැණ + ඇති = සන්ධි වන පද දෙක වෙන්කළ විට
නැ (ණ් + අ) + ඇති = පද දෙකෙන් පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති = දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති = සන්දි වීමෙන් පසුව
උදා
-
·
දකුණැස = දකුණු + ඇස → දකු(ණ් + උ) + ඇස → දකු(ණ් + ඇ )ස → දකු(ණැ)ස
·
ගමනාගමනය (ගමන+ආගමනය)
·
සුරිඳු (සුර+ඉඳු)
·
නිරිඳු (නර+ඉඳු)
·
යනෙන (යන+එන)
·
කර්ණාභරණ (කර්ණ+ආභරණ)
·
උදරාබාධ (උදර+ආබාධ)
·
සියැසින් (සිය+ඇසින්)
ප්‍රස්ථාව
පිරුළු
සිංහල
භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ
වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට
හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා
පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත්
ජන ප්‍රවාද ද පවතී.
උදා
-
·
උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
·
කිරි ගහට ඇනීම - හරියටම හරි
·
කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
·
කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
·
බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ
කරවා ගනීම
·
පරංගියා කෝට්ටේ ගියා වාගෙයි - කෙටි මගක් තිබියදී දිගු මගකින් යෑම



Comments
Post a Comment