රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?
රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?
මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ :
තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කල හැකිය:
01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතා ලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි.
ඒ අනුව,මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය.
පොලිස් නිලධාරියෙකු දඩ කොළ ලිවීම :
02. පොලිස් නිලධරයකු විසින් අල්ලා ගනු ලැබූ විට පහත දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන ලද යම් නියමයක්, නියම කිරීමක්, ඉල්ලා සිටීමක්, දැන්වීමක් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම යන වරද සිදු කිරීම පිළිඹඳ තම කැමැත්ත අනුව වරද පිළිගන්නා යම් තැනැත්තෙකුට (රියදුරෙකු, වාහන හිමිකරුවෙකු ඇතුලත්ව) එරෙහිව නඩු පැවරීම වෙනුවට ඔහුට එම වරදට අනුරූප දඩයක් ගෙවීමට අවස්ථාව තිබේ. එවන් ගෙවීම් කිරීමක් කච්චේරියකදී හෝ තැපැල් කාර්යාලයක දී කල හැකි අතර ගෙවීම් කල බවට වන කුවිතාන්සිය වරද අල්ලා ගනු ලැබූ දින සිට දින 14ක් තුල අදාළ පොලිස් ස්ථානය වෙත පුද්ගලිකවම හෝ ලියා පදිංචි තැපෑලෙන් ඉදිරිපත් කල හැකිය. (මෝ.ර.ප්‍ර.ප. 215අ )
එම වැරදි පහත දැක්වේ:
21- හඳුනාගැනීමේ තහඩු - දඩ මුදල රු.500.
22- හඳුනාගැනීමේ තහඩුවල හැඩය - දඩ මුදල රු.100.
38 - ආදායම් බල පත්‍රය වාහන වල ගෙන යා යුතුය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කල යුතු වීම - දඩ මුදල රු.500.
45 - ආදායම් බලපත්‍ර කඩ කරමින් මෝටර් වාහන පාවිච්චි කිරීම සම්බන්දයෙන් වූ සීමා කිරීම - දඩ මුදල රු.1000.
123(1) (අ) - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම තහනම් කිරීම - දඩ මුදල රු.2500.
123(1)(ආ) -රියදුරු බලපත්‍රය නොමැතිව තැනැත්තන් සේවයේ යොදවා ගැනීම - දඩ මුදල රු.3000.
123(2) රියදුරුට වයස අවුරුදු 18ට අඩුවීම - දඩ මුදල රු.5000.
140- අධික වේගයෙන් රිය ධාවනය - දඩ මුදල රු.1000.
148 - මාර්ග රීති - දඩ මුදල රු.500.
152 - රියදුරු සිටින ආකාරය - දඩ මුදල රු.100.
153 - රියදුරන් විසින් කල යුතු සංඥා - දඩ මුදල රු.500.
154 - මෝටර් වාහනය පිටුපසට ධාවනය කිරීම - දඩ මුදල රු.20
155 - ශබ්ද හෝ ආලෝක මගින් අනතුරු හැඟවීම - දඩ මුදල රු.100
156 - පා පුවරුවේ නැගී යාම හෝ ඊට අවසර දීම - දඩ මුදල රු.100
157 - මෝටර් වාහනවල ඉදිරිපස ආසනවල ගමන් කරන මගීන් ගණන - දඩ මුදල රු.100
158(2) - ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම- දඩ මුදල රු.500.
159 - ප්‍රචාරක දැන්වීම් බෙදා හැරීම - දඩ මුදල රු.100.
162 - පොලිස් නිලධාරින් විසින් දෙන රථවාහන හැසිරවීමේ විධාන හා සංඥා - දඩ මුදල රු.1000.
165- ටැංකියට පෙට්රිල්/ඩීසල් ලබාගන්නා විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.20.
166- මහාමාර්ගයක රථවාහන නවතා තැබීම - දඩ මුදල රු.500.
167 - මහා මාර්ගයක මෝටර් වාහනයක් නවතා තබනු ලැබූ හෝ අනාරක්ෂිතව තබා යන හෝ ක්‍රියා විරහිත වූ විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.500.
178 - නියමිත ගන්නට වඩා මගීන් ගෙන යාම - දඩ මුදල රු.150 .
159 - මෝටර් වාහනයක ගෙන යා හැකි තැනැත්තන් - දඩ මුදල රු.150.
ප්‍රශ්වාස පරීක්ෂණය:
03. වාහනයක් පදවන ඔබ නවතාලන පොලිස් නිලධාරියෙකු විසින් ඔබ මත්පැන් ගෙන ඇති බවට සැක කරනු ලබන විට ඒ බව නිශ්චය කිරීම සඳහා ප්‍රශ්වාස පරීක්ෂණයකට හෝ ආණ්ඩුවේ වෛද්‍ය නිලධරයකු විසින් පවත්වන පරීක්ෂණයකට හෝ වහාම භාජනය වන ලෙස ඒ පොලිස් නිලධාරියා විසින් ඔබට නියම කරනු ලැබිය හැකිය. එවන් අවස්තාවක ඔබ පොලිස් නිලධාරියාගේ නියමයට අනුව ක්‍රියා කල යුතුය. [මෝ.ර.ප්‍ර.ප. 151(1)(ඇ)]. ඔබ එවන් පරීක්ෂණයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පටහැනි සාක්ෂි ඉදිරිපත් කර ඇත්නම් මිස, ඔබ මත් ද්‍රව්‍ය ගැනීමෙන් පසු රිය පදවමින් සිටි බවට පූර්ව නිගමනය කෙරේ.
රියදුරු බල පත්‍රය තහනමට ගැනීම :
04. මෝටර් වාහනයක රියදුරු තම රියදුරු බල පත්‍රය සැමවිටම තම සන්තකයෙහි තබා ගත යුතුය හෝ මෝටර් වාහනයෙහි ගෙන යා යුතුය.එය පොලිස් නිලධාරියෙකු විසින් ඉල්ලන විට ඉදිරිපත් කල යුතුඅතර පරීක්ෂා කිරීමට දිය යුතුය. (මෝ.ර.ප්‍ර.ප. 135 )
ඒ වාගේම රියදුරෙකු විසින් සිදු කරනු ලැබුවේ යයි චෝදනා කරනු ලබන වරදක් පිළිඹඳව පොලිස් නිලධාරියෙකු විසින් කාරණ ලද විමර්ශනයකදී ඒ පොලිස් නිලධරයා වෙත රියදුරු බල පත්‍රය ඉදිරපත් කරනු ලබා ඇති විට එම පොලිස් නිලධරයා විසින් එම බල පත්‍රය තාවකාලිකව තම බාරයට ගෙන රඳවා තබා ගත හැකි අතර නියමිත ආකෘතිහි තම අත්සන යොදා තාවකාලික අවසර පත්‍රයක් ලබාදිය යුතුය. එම අවසර පත්‍රය දින 60ක් සඳහා රිය ධාවනයට බල පවතින අතර චෝදනා ගොනු කර ඇති මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම කාල සීමාව දීර්ග කිරීමක් කල හැකිය.
රථවාහන පොලිස් නිලධාරියකුට ඇති සාමාන්‍ය බලතල :
05. රථවාහන පොලිස් නිලධාරියකු යනු තවත් පොලිස් නිලධාරියෙකි. පොලිස් ආඥාපනත යටතේ මුළු ලංකාවටම බල පවත්වන පරිදි සාමය පවත්වාගෙන යාම, වැරදිකරුවන් සොයාගැනීම හා ඔවුන් නීතිය හමුවට ගෙන ඒම, බලයලත් අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝග හා වරෙන්තු ක්‍රියාත්මක කිරීම ආදී තම රාජකාරි හා බලතල ඔහුට/ඇයට තිබේ. (ව.56)
නමුත් කිසිදු පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් ඇතිව හෝ නැතිව යම් අත්අඩංගුවට ගතයුතු අයෙකු සෙවීමේ කටයුත්තකට හෝ යම් වරදක් සම්බන්ධව සෙවීමේ කටයුත්ත සඳහා හෝ හැර ඔබගේ අවසරය නොමැතිව ඔබගේ නිවසට ඇතුළු වීමට බලයක් නොමැත. (අපරාධ නඩු විධාන සංග්රබහ පනත යටතේ 24, 25 වගන්ති යටතේ)
මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ එන සියලු වැරදි සංඥෙය වැරදි වේ, එනම් පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි වැරදි වේ(මෝ.ර.ප්‍ර.ප. 239ඈ ).
_______________________________________________
1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.
2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.
3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.
4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)
5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.
6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)
7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.
8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
9. රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.
10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.
11. පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.
12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)
13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.
උපුටාගත් එකකි දාපු එකාට පින් ඈ
Comments
Post a Comment